මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ලක්ෂ 200ක අධික වටිනා වාහන අත්අඩංගුවට

දිඹුලාගල සිරිපුර නුවරගල ප්‍රදේශයේ, ප්‍රධාන පෙළේ ගංජා ජාවාරම්කරුවකු සතුව තිබූ රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා වාහන කීපයක් අද (20)දින පස්වරුවේ සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළා.

මුදල් විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියමය අනුව මෙම දේපල මෙලෙස අත්අඩංගුවට ගත් බවයි එම කාර්යාංශය ප්‍රකාශ කළේ.

සැකකරුව සතුව තිබු කුඩා ජේ.සී.බී, යන්ත්‍රයක්, මහා ට්‍රැක්ටරයක් ,ලොරියක්, ත්‍රීරෝද රථයක් සහ යතුරුපැදි කීපයක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2011 අංක 40 දරණ පනතේ සංශෝධිත 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනතේ 7 [1] වගන්තිය ප්‍රකාරව දේපළ ක්‍රියා විරහිත කිරීමේ නියමය අනුව මෙම වාහන තොගය අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා.

අදාළ සැකකරු දීර්ඝ කාලයක සිට ගංජා සහ මත්පැන් අලෙවි කර ඇති අතර ඔහුට විරුද්ධව අධිකරණයේ අපරාධ නඩු කිහිපයක් තිබෙන බවත්, ඔහු මෑතක ගංජා කිලෝ පහක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පොළොන්නරුව අධිකරණයේ නඩු පැවරූ 43 හැවිරිදි නුවරගල, සිරිපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු වනවා.

සැකකාර පුද්ගලයා ගංජා, කසිප්පු ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ප්‍රදේශයේ තොග සහ සිල්ලර වශයෙන් බෙදාහැර තිබෙන අතර ඉන් උපයාගත් මුදල්වලින් මෙම වාහන රැගෙන ඇති බවට පරීක්ෂණවලින් තහවුරු ඇති බවත් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැටලීම මෙය බවත්, අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමකින් යුත් වාහන තොගය මෙය වන බවද කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සදහන් කළා.

අත්අඩංගුවට ගත් රථ වාහන පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (21)දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?