AFC Banner
Empty Ad
Empty Ad

ජා ඇල වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට

ඊයේ (19) දහවල් ජා ඇල පොලිස් වසමේ දී කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 25ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සම්බන්ධව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී මේ මස (09) වනදා ජාඇල පොලිස් වසමේ බස්වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් විසින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධය සඳහා සැකකරුවන් පැමිණි යතුරුපැදියේ පැදිකරු බවට අනාවරණය වී තිබෙනවා.

ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?