කැනඩාවේ දී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයින්ගේ අවසන් කටයුතු සිදුකෙරේ (ඡායාරූප)

කැනඩාවේ ඔටාවා හී බාර්හේවන් හී දී ඝාතනයට ලක් වූ ශ්‍රී ලාංකික පවුලේ සාමාජිකයින් 05 දෙනාගේ සහ ඔවුන්ගේ මිතුරාගේ අවසන් කටයුතු ඊයේ (17) සිදු කෙරුණා.

ඔටාවා හී දී සිදුකෙරුණු මෙම අවසන් කටයුතු සඳහා ප්‍රහාරයෙන් දිවි බේරාගත් ශ්‍රී ලාංකික පවුලේ පියා වන ධනුෂ්ක වික්‍රමසිංහ ද එක්ව සිටි බවයි වාර්තා වුණේ.

මෙම අවමංගල්‍ය උත්සව අවස්ථාවට එක් වූ පුද්ගලයින්ට ශෝක ප්‍රකාශයන් සටහන් තැබීමට ද මෙහිදී අවස්ථාව සලසා දී තිබුණා.

සියයකට වැඩි පිරිසක් කඳුළු පිරුණු දෙනෙතින් මෙම අවමංගල්‍ය උත්සව සඳහා එක්ව සිටි බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

කැනඩාවේ බෞද්ධ සම්මේලනය විසින් අවමංගල්‍ය උත්සවයේ කටයුතු සංවිධාන කර තිබුණා.

හිල්ඩා ජයවර්ධනාරාමයේ භික්ෂූන් වහන්සේ අවමංගල්‍ය උත්සවයේ ආගමික වතාවත් සිදු කළා.

මීට අමතරව ඔටාවාහි ශ්‍රී ලංකා කතෝලිකයන් පිරිසක් නේපීන්හි ශාන්ත මොනිකා දේවස්ථානයේ දී,  මියගිය පිරිස් වෙනුවෙන් අනුස්මරණ දේව මෙහෙයක් පැවැත් වූ බවද කැනඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අවමංගල්‍ය උත්සවය සඳහා ඔටාවාහි නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ්, කැනඩාවේ ස්වදේශික සබඳතා පිළිබඳ අමාත්‍ය ගැරී ආනන්දසංගරී ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියා.

මේ අතර අගමැති ජස්ටින් ටෘඩෝ ශෝක පණිවිඩයක් එවා තිබූ බව මාධ්‍ය වාර්තා කළා.

පසුගිය මාර්තු 06 වන දින 19 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවෙකු විසින් මෙම ඝාතනයන් සිදුකර තිබුණා.

මෙම ඝාතනයක් පිළිබඳව වාර්තා කරමින් කැනඩා මාධ්‍ය සඳහන් කළේ ඔටාවා ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය මෙය බවයි.

2 14

3 6
4 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
37
+1
4
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09