ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් රුසියානු ජනපති පුටුවට

කිසිදු බැරෑරුම් තරඟයක් නොමැතිව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ජනාධිපතිවරණයේ අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබෙනවා.

මේ අතර රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් තම නොවැළැක්විය හැකි මැතිවරණ ජයග්‍රහණය සමරන අතරතුර රුසියානුවන්ට තමන් කෙරෙහි විශ්වාසය තැබීම පිළිබඳව ස්තූතිය පුද කර සිටියා.

ජයග්‍රහණය සහ පස්වන වරටත් බලයට පත්වීමත් සමඟ පුටින්ට ඔහුගේ ආධාරකරුවන්ගෙන් සුබපැතුම් ගලාඑන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර සිය ජයග්‍රහණයෙන් පසු ව්ලැඩිමීර් පුටින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ රුසියාවේ ප්‍රජාතන්ත්‍රවාදය බටහිර රටවලට වඩා විනිවිද පෙනෙන බවයි.

සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව 87%කට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ව්ලැඩිමීර් පුටින් වෙනුවන් ලැබී ඇති බව එරට මැතිවරණ නිලධාරීන් පැවසූ බව රුසියානු මාධ්‍ය වාර්තා කරනවා.

පුටින් ලබාගත් 87.8% ක ඡන්ද ප්‍රතිශතය රුසියාවේ පශ්චාත්-සෝවියට් ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙක් මෙතෙක් ලැබූ ඉහළම ඡන්ද ප්‍රතිඵලයවීම ද විශේෂත්වයක්.

එහි ප්‍රතිඵලය වන්නේ, 71 හැවිරිදි පුටින් නව වසර හයක ධුර කාලයක් ආරම්භ කිරීමට සූදානම් වන අතර, ඔහු එය සම්පූර්ණ කළහොත්, ජෝසෆ් ස්ටාලින් අභිබවා ගොස් රුසියාවේ දීර්ඝතම කාලයක් නායකත්වය හෙබවූ නායකයා බවට පත්වනවා.

මේ අතර බටහිර රටවල් පවසන්නේ රුසියානු ජනාධිපතිවරණය වාරණය, මර්දනය සහ ප්‍රචණ්ඩත්වය මත යැපෙන ඒකාධිපති පාලකයෙකු යටතේ “ව්‍යාජ මැතිවරණයක්” බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30