මිරිස්ස වෙරළ තීරයේ ව්‍යාපාරිකයෙකු ඝාතනය කරලා – සැකකාර පියපුතු දෙපළ සොයා විමර්ශන

වැලිගම පොලිස් වසමේ මිරිස්ස – සීක්‍රටි බිච් හෝටලය අසළ වෙරළ තීරයේ තියුණු ආයුධයකින් පහර දී ව්‍යාපාරිකයෙකු (16) දින පෙරවරුවේ ඝාතනය කර තිබෙනවා.

මිරිස්ස – සීක්‍රටි බිච් හෝටලය අසළ වෙරළ තීරයේ බිම් කොටසක් සම්බන්ධව ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එම ප්‍රදේශයේම පදිංචි තවත් සංචාරක ව්‍යාපාරිකයෙකු සහ ඔහුගේ පුත්‍රයකු විසින් සංචාරක ව්‍යාපාරිකයාට තියුණු ආයුධයකින් පහර දී තිබෙනවා.

එම පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ මිරිස්ස, පෙම් උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සෙල්ලා හැන්නදිගේ සුරංග නොහොත් බාල සුරංග නැමැති වයස අවුරුදු 38ක පුද්ගලයෙක්.

ඝාතනයට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයා සහ ඔහුගේ පුතා අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක්
00:56
Video thumbnail
අනුර Scienceත් ෆේල්, Mathsත් ෆේල් - මේ ආණ්ඩුව English ෆේල් නෙවෙයි Absent
02:59
Video thumbnail
නාමල් රාජපක්ෂ බන්ධනාගාරයට ගෙනියද්දි දැඩි උණුසුම් තත්ත්වයක් - අනාගත ජනපතිට ජයවේවා..!
03:06
Video thumbnail
අපේ රජයක් තිබුණානම් වැඩි වැඩියෙන් නිවාස හැදෙනවා - දැන් හැම තැනකම ඇහෙන්නේ පැමිණිලි
02:04
Video thumbnail
තාජුඩීන්ගේ සාක්ෂි හදපු හැටි නාමල්ගේ අම්මගෙන් අගත්තානම් වටිනවා - අසාධාරණනම් උසාවියට කියන්න
01:30
Video thumbnail
අපෝ..තිබුණු රටත් විනාශවෙලා..ජීවත්වෙන්න බෑ - සජිත්ගේ රැස්වීමට ආ ආච්චි ආණ්ඩුවට සැර කතාවක්
01:04
Video thumbnail
🔴Breaking News
03:25
Video thumbnail
ජොන්ස්ටන් අධිකරණයට එද්දි කිව්ව දේ - "අපි කවදාවත් සැලෙන්නේ නෑ..රැස්වීමට එන්න කියන්න ජනතාවට"
01:17
Video thumbnail
🔴Breaking News
02:11
Video thumbnail
ප්‍රසිද්ධ අවන්හලක DJ Facebook සාදයක් සුරාබදු ඒකකයෙන් වටලයි - කොහෙන්ද මේවා ඔයාලා ගත්තේ ?
06:38