බංගලියන් පරදා ශ්‍රී ලංකාවට තියුණු ජයක් – පැතුම් සහ චරිත්ගෙන් වාර්තාවක්

බංග්ලාදේශය සමඟ පැවති දෙවන එක්දින තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (15) රාත්‍රියේ හැකියාව ලැබුණා.

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු 03කින්.

මෙම තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 287ක ඉලක්කය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 01ක් තුළ පසුකර ගියා.

එහිදී ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සිව්වන කඩුල්ලට වටිනා සම්බන්ධතාවක් ගොඩනඟන්නට ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ චරිත් අසලංකට හැකියාව ලැබුණා.

ඔවුන් දෙදෙනා එක්ව සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 183ක් තුළ රැස්කළ ලකුණු සංඛ්‍යාව 185ක්.

මෙම ලකුණු සංඛ්‍යාව වාර්තා අතර එක්වන්නේ ශ්‍රී ලංකා පිත්කරුවන් දෙදෙනෙක් එක්දින තරගයක දී සිව්වන කඩුල්ල වෙනුවෙන් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.

එහිදී පැතුම් නිස්සංක 114ක් රැස්කළ අතර, චරිත් අසලංක ලකුණු 91ක් රැස්කරමින් ශ්‍රී ලංකා ජයග්‍රහණයට මාවත සකසා දුන්නා.

ඔවුන් දෙදෙනාගේ දැවියාමෙන් පසු ශ්‍රී ලංකා ඉනිමට දැඩි පීඩනයක් එක්ක කරන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් හා පන්දු රකින්නන් කටයුතු කළා.

කෙසේ වෙතත් ඉවසිලිවන්ත ඉනිම් දෙකක් දියත් කරමින් වනිඳු හසරංග සහ යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියා.

එහිදී වනිඳු හසරංග ලකුණු 25ක් රැස්කළ අතර දුනිත් වෙල්ලාගේ නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 15ක්.

පන්දු යැවීමේ දී ෂෝරිෆුල් ඉස්ලාම් සහ ටස්කින් අහමඩ් ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 02 බැඟින් බඳ දැමුවා.

ඒ, අනුව දෙවන එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03කින් ජයගෙන තරග තුනකින් සමන්විත තරගාවලිය එකට එකක් ලෙස සමකරන්නට සමත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43