අද (14) දිනයේ සිට දින 14ක කාලයක් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කිලෝමීටරයක කොටසක් එක් මංතීරුවකට සීමා කරන බව පොලිසිය පවසනවා.
මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 56.9 සිට කිලෝමීටර් 57.4 දක්වා කොටස මෙලෙස අලුත්වැඩියාව සිදුකිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කරන්නේ.
මීරිගම සිට කුරුණෑගල දක්වා ගමන් කරන රථවාහන කිලෝමීටර් 56.2 කණුවට පෙර ඇති මධ්‍ය හදිසි දොරටුවෙන් කුරුණෑගල සිට මීරිගම දක්වා දිවෙන දකුණු මංතීරුවෙන් ධාවනය කළ යුතු බව වැඩිදුරටත් සඳහන්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
2
+1
1
+1
1
+1
2