ශ්‍රී ලංකාවෙන් බංග්ලාදේශයට ලකුණු 256ක ඉලක්කයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය මේ වන විට පැවැත්වෙනවා.

මෙහිදී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගත්තේ ලකුණු 255ක් පමණයි .

එහිදී නායක කුසල් මෙන්ඩිස් ලකුණු 59ක් රැස් කල අතර ජනිත් ලියනගේ පන්දු 69කින් ලකුණු 67ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ටස්කින් අහමඩ්, තන්සිම් හසාන් සකීබ් සහ ශොරිෆුල් ඉස්ලාම් කඩුළු 3 බැගින් දවා ගැනීමටයි සමත් වුණේ.

ඒ අනුව බංගලාදේශ කණ්ඩායමට මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 256ක ඉලක්කයක් හිමි වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?