දැරියව ශ්‍රී ලාංකික සේවිකාවගේ ඇඟේ ගසා චීන කත ඩුබායි පනින්න හදලා – අම්මයි දුවයි අත්අඩංගුවට

35 හැවිරිදි චීන ජාතික කාන්තාවක් ඊයේ (12) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ චීන ජාතික කාන්තාව සිය කුඩා දියණිය මෙතෙක් කලක් බලාගත් ශ්‍රී ලාංකික සේවිකාවට භාර දී පළා යාමට උත්සාහ කිරීමේ දීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අදාළ චීන ජාතික කාන්තාව 58 හැවිරිදි සිය මව සමඟ ඩුබායි රාජ්‍යයේ ජීවත්ව ඇති අතර, ඇය ඩුබායි හි සමාජශාලාවල නර්තනයේ යෙදෙන නළඟනක් ලෙස සේවය කළ තැනැතියක්.

ඇයට දියණියන් දෙදෙනෙකු සිටින අතර ඉන් වයස අවුරුදු 03ක බාල දියණිය රැකබලා ගැනීම සිදුකර ඇත්තේ ශ්‍රී ලාංකික සේවිකාවක් විසින්.

පොල්ගහවෙල, පොතුහැර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදී අදාළ ශ්‍රී ලාංකික සේවිකාව සිය සේවා කාලය අවසන්ව පසුගිය දා ඩුබායි සිට යළි මව්බිමට පැමිණ තිබෙනවා.

ඇය යළි ශ්‍රී ලංකවට පැමිණීමත් සමඟ චීන ජාතික කාන්තාවගේ බාල දියණිය ඇය නොමැති ශෝකයට පත්ව ඇති බව සඳහන්.


ඒ, අනුව දැරියව රැකබලා ගැනීමට නොහැකි තත්ත්වයකට චීන ජාතික මව පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මෙම තත්ත්වය කිසිවක් නොපවසා අදාළ චීන ජාතික කාන්තාවට යළි මෙරටට පැමිණ සිටි සේවිකාවට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ සංචාරයක් සඳහා ශ්‍රී ලංකවට පැමිණෙන බවයි.

එමෙන්ම ඔවුන්ව කැඳවාගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙසත් චීන ජාතික කත මෙරට සේවිකාවට පවසා තිබෙනවා.

ඒ, අනුව පසුගිය 11 වනදා රාත්‍රී 10.30ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ ගුවන් යානයකින් අදාළ චීන ජාතික කාන්තාව ඇයගේ මව සහ බාළ දියණිය ද සමඟ මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඔවුන්ව පිළිගනිම වෙනුවෙන් ඔවුන් යටතේ සේවය මෙරට කාන්තාව ද කටුනායක ගිවන් තොටුපොළ වෙත ගොස් තිබුණා.

පසුව කටුනායක ගුවන් තොටුපොළේ දී මොවුන් මුණගැසී ඇති අතර, මද වේලාවක් සතුටු සාමීචියේ යෙදී සිටි චීන ජාතික කාන්තාව ඇයගේ බාළ දියණිය ශ්‍රී ලාංකික සේවිකාව අතට දී එකවරම මවත් සමඟ ගුවන් තොටුපොළෙන් අතුරුදහන්ව ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වහාම ගුවන් තොටුපොළ පොලිසිය දැනුවත් කිරීමට ශ්‍රී ලාංකික සේවිකාව පියවර ගෙන තිබුණා.

ඒ, අනුව මෙම කාන්තාව සහ කුඩා දැරිය මීගමුව මහ රෝහල වෙත යොමු කිරීමට පියවර ගත් කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය ඊයේ (12) දිනයේ රාත්‍රියේ දී යළිත් ඩුබායි බලා පළා යාමට පැමිණි චීන ජාතික කත සහ ඇයගේ මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු චීන ජාතික කාන්තාව සහ ඇයගේ මව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14