මාර්තු 19 සිට තොරතුරු තාක්ෂණය සමඟ කෘතිම බුද්ධිය 08 ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට

පාසල්වල 08 වන ශ්‍රේණියෙන් ඉහළ ශ්‍රේණිවල තොරතුරු තාක්ෂණ විෂය මාලාව සංශෝධනය කිරීමට මේ වන විට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

එහි නියමු ව්‍යාපෘතිය එළඹෙන මාර්තු 19 වනදා පාසල් 17ක් සම්බන්ධ කරගනිමින් ආරම්භ කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

තොරතුරු තාක්ෂණ විෂය ධාරාව සමග කෘතිම බුද්ධිය හඳුන්වාදෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සමග Microsoft ආයතනය එක්ව සිටින බවත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විෂය දැනුම මෙරට දරුවන්ට ලබාදීමට ඒ අනුව හැකිවන බවත් , සුහුරු පුවරු සහිත ඩිජිටල් පන්ති ඇසුරින් පාසල් අතර විෂය දැනුම හුවමාරුවට දරුවන්ට අවස්ථා සලසා දීමට ද එමගින් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මේ බව සඳහන් කළේ ගල්කිස්ස උසස් බාලිකා විද්‍යාලයට සිය වසක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එහි පැවති සමරු උත්සවයට එක්වෙමින්.

මේ අතර සමස්ත අධ්‍යාපන ක්ෂේත්‍රය නව තාක්ෂණය සමඟ එක් කළ යුතු බව ද ඔහු මෙහිදී අවධාරණය කළා.

මෙරට සියලු‍ ගුරුවරුන්ට ද නවීන තාක්ෂණය සමඟ බද්ධ වෙමින් පන්ති කාමරය තුළ පාඩම් සැලසුම් කර ගැනීමට ඉදිරියේ දී සිදුවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් ගුරුවරුන් පුහුණු කිරීමට කලාප මට්ටමින් මධ්‍යස්ථාන සියයක් පිහිටුවීමට දැනටමත් කටයුතු යොදා ඇති බව ද සඳහන් කළා.

මේ වන විටත් එම මධ්‍යස්ථාන 85 ක් ඩිජිටල්කරණයට ලක් කර ඇති බව ද ඉදිරි මාස 03 ඇතුළත ඉතිරි මධ්‍යස්ථාන සියල්ල ඩිජිටල් කරණයට ලක් කරන බව ද පැවසූ අමාත්‍යවරයා, මානව සම්පත් සහ භෞතික සම්පත් පවතින ප්‍රමාණයෙන් කළමනාකරණය කර ගනිමින් පාසල් පද්ධතිය ශක්තිමත්ව පවත්වාගෙන යාමට විදුහල්පතිවරුන්ගේ නායකත්ව සහ කළමනාකරණ හැකියාවන් අත්‍යවශ්‍ය වන බව වැඩිදුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල්කාන්ත අවු:14ක් තිස්සේ කරපු සෙල්ලම් ඔක්කොම එළියට ?..ලාල්ව වහාම අත්අඩංගුවට ගන්න
04:56
Video thumbnail
ගාල්ල බද්දගම මාර්ගය නිසා දැඩි උණුසුම් තත්ත්වයක් - උනුත් එකයි මුනුත් එකයි..අපේ පාර කඩලා
04:50
Video thumbnail
කොහොමද ඒ කඹ ඇදිල්ල..වැල්ලවායේ පොලිසිය පවුලේ අය එක්ක තිබ්බ අවුරුදු උත්සවය..
02:23
Video thumbnail
අස්ථානගත වූ මුදල්වල වරදකරු හොයන්න සත්‍ය ගවේශකයෝ පෙරට - රටේ මිනිස්සුන්ගේ සල්ලිනේ මේ
01:18
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09