යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ දී පැහැරගෙන ගොස් තියුණු ආයුධවලින් පහර දී විවාහක තරුණයෙක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයින් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය – වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය සඳහන් කළේ මෙම සැකකරුවන් ඊයේ (12) දින අත්අඩංගුවට ගත් බවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි සහ අරාලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් සිව්දෙනෙක්.
අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 37,32,25 සහ 22 යන වයස්වල පසුවන්නන් වන අතර, මොවුන් කිලිනොච්චිය ප්‍රදේශයේ සැඟව සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය, වඩ්ඩුකෝඩ්ඩෙයි ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තවචෙල්ලවම් පවිදරන් නැමැති තරුණයෙක් සිය බිරිඳ සමඟ යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් ඔහුව සහ බිරිඳව පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය 11 වනදායි.
එහිදී අදාළ සැකකරුවන් විසින් බිරිඳව අතර මඟ දමා, තරුණ සැමියා රැගෙන ගොස් පහර දී කොට්ටකාඩු රෝහල අසලට ගෙනවිත් දමා තිබුණා.
පසුව ඔහු කොට්ටකාඩු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පැවසුවේ.
පෞද්ගලික ආරවුලක් මෙම අපරාධය සිදුකිරීමට හේතු වී ඇති බවටයි පොලිසිය සැකපළ කරන්නේ.
සැකකරුවන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.




