පැරසිටමෝල් පෙත්තක් උගුරේ හිරවී කුඩා දැරියක් මිය යයි

උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිත්තණිය විසින් ලබාදුන් පැරසිටමෝල් පෙත්තක් උගුරේ සිරවීමෙන් සිහිසුන්ව මහියංගණ රෝහලට ඇතුළු කළ සිව් හැවිරිදි දරුවෙකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (11) දින මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඕෂධී සවින්ද්‍යා රාජපක්ෂ නැමැති දැරියකි.

මව විදේශ ගතවීම නිසා ඇය සීයා, ආච්චි සහ සහෝදරියන් දෙදෙනා සමඟ නිවසේ ජීවත්ව සිට තිබෙනවා.

වැලි ගොඩ දැමීමෙන් ජීවිකාව ගෙන යන පියා මොවුන් පදිංචි නිවස ආසන්නයේ වෙනත් නිවසක ජීවත් වන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී තිබුණා.

පැරසිටමොල් පෙත්ත උගුරේ සිරවීමෙන් සිහිසුන්ව මහියංගණ රෝහලට රැගෙන ඒමෙන් පසු හදිසි ප්‍රතිකාර ඒකකයේ දී වෛද්‍යවරු බෙහෙත් පෙත්ත ඉවත්කර වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවා පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලට මාරුකර යවා තිබෙනවා.

දුවට උණ ගතියක් තිබුණා. අපේ පාරේ බස් එකක් යන්නේ පැය දෙකකට වතාවක්. බෙහෙත් ගන්න යන්න බස් එක එනකල් දුවට පැරසිටමෝල් පෙත්තක් දුන්නා. මීට පෙරත් ඇයට ඒ වගේ බෙහෙත් පෙති දීලා තිබෙනවා. බෙහෙත් පෙත්ත බිව්ව ගමන් දුවට සිහි නැති වුණා. ත්‍රීවිල් එකකින් මහිංගණ රෝහලට අරන් ගියා. එතන දී වෛද්‍යවරු දුවගේ උගුරේ සිරවී තිබූ බෙහෙත් පෙත්ත අරන් මට පෙන්නුවා.පසුව දුවට අමාරුයි කියලා එයාව පේරාදෙණියට මාරු කළා. යනුවෙන් දියණියගේ මිත්තණිය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක හමුවේ සාක්කි දෙමින් පවසා තිබෙනවා.

කුඩා දරුවන් සිටින මව්වරු විදේශගත වීම, දරිද්‍රතාව, නොදන්නා කම නිසා ඖෂධ අධි මාත්‍රාවක් ලබාදීම, මාර්ග දුෂ්කරතා ඇතුළු ගැටළු රැසක් මෙම මරණය හා බැඳී තිබෙන බව හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන ප්‍රකාශ කළා.

මළ සිරුරේ කොටස් වැඩිදුර විමර්ශනය සඳහා රසායනාගාර පරීක්ෂණ සඳහා යොමුකර තිබෙන අතර අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් මරණ පරීක්ෂණය කල් තැබීමට අමල් ජයවර්ධන පියවර ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14