ඒකාබද්ධ ගුරු විදුහල්පතිවරු අනුරාධපුරයේ උද්ඝෝෂණයක

අද (12) දින අනුරාධපුර නගරයේදී ඒකාබද්ධ ගුරු විදුහල්පතිවරු තම වැටුප් විෂමතාවයන් සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටළුවලට විසඳුම් ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වුණා.

ඔවුන් උද්ඝෝෂණයක නිරත වෙමින් කියා සිටින්නේ, මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දැවැන්ත ගැටළු රාශියක් ඇති බැවින් විශේෂයෙන්ම පාසල්වල ගුරුවරු සහ විදුහල්පතිවරුන්ගේ පුරප්පාඩුවක් ඇති බවත් ඒ තුළින් පාසල් වැසී යාමේ අවදානමකට ලක්ව ඇති බවත් හා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වන බවත් ය.

මේ වන විට ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතාවයන් ඇති බවත් එම වැටුප විෂමතාවයන් ඉවත් කර තම වැටුප් වැඩි කරදෙන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

තම ඉල්ලීම් ඉටු කිරීමට රජය අපොහොසත් වුවහොත් ඉදිරියේදී දැවැන්ත වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමට සිදුවන බවත් ඒ තුළින් දරුවන්ගේ අධ්‍යාපනයට වන හානිය රජය විසින් භාරගත යුතු බවද ඔවුන් අවධාරණය කර සිටියා.

මේ සඳහා ගුරු විදුහල්පතිවරුන් නියෝජනය කරමින් වෘත්තීය සමති නායකයින් රැසක් සහභාගි වී සිටි අතර එම නායකයින් මාධ්‍යයට අදහස් පළ කළ සිටියා.

මෙම විරෝධතාකරුවන් අනුරාධපුර ඩී.එස් වටරවුමේ සිට විරෝධතාවයක නිරත වීමෙන් අනතුරුව අනුරාධපුර බැංකු නගරය දක්වා පා ගමනින් පැමිණ උද්ඝෝෂණයේ නිරතව වෘත්තීය සමති නායකයින් විසින් ඔවුන් ආමන්ත්‍රණය කර සිටියා.

පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නිරතව සිට ඔවුන් සියලු දෙනා විසිර ගියා.

image 12
image 12
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40