ඩයනා සජබයෙන් නෙරපීමට එරෙහි පෙත්සම් විභාග කෙරේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම තුළින් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ අනුව ඇය පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ඊයේ (11) දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

සිය පක්ෂ සාමජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීත්‍යානුකූල නොවන බවට තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ඉදිරිපත් කළ පෙත්සම ඊයේ (11) දින ගාමිණී අමරසේකර, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යළි විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව සඳහන් කර සිටියා.

අදාල පෙත්සමේ වග උත්ත්රකරුවෙක් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස අත්‍යවශ්‍ය පාර්ශව කිහිපයක් නම් කර නොමැති බව පෙන්වා දුන්නා.

සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයින් හා විනය කමිටුවේ සියලු සාමාජිකයින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර නොමැති බවත් එය බරපතල නීතිමය දෝෂයක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඒ අනුව අදාළ පෙත්සමක් තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි බවත් සඳහන් කළා.

පූර්ව අවසර ලබා ගැනීමකින් තොරව රජයට සහාය පළ කිරීමට ඩයනා ගමගේ ගනු ලැබූ තීරණය සමගි ජන බලවේගයේ පක්ෂ ව්‍යවස්ථාවට සම්පූර්ණයෙන්ම පටහැනි බවත් ඒ තුළින් ඇය පක්ෂ විනය උල්ලංඝනය කර තිබෙන ආකාරය සක්සුදක් සේ පැහැදිලි වන බවත් ජනාධිපති නීතිඥවරයා පැවසුවා.

ඒ අනුව ඩයනා ගමගේ සමගි ජන බලවේගයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත් ඇය විසින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම නිශ්ප්‍රභ කරන ලෙසත් ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය අප්‍රේල් මස 05 වනදා දක්වා කල් තැබුණි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් නොපවත්වා තමාව පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීමට සමගි ජන බලවේගය ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?