කොරියාවේ සහයෝගයට අගමැති ස්තුති කරයි

තොරතුරු තාක්ෂණයේ ප්‍රාතිහාර්යයන් ලොව වෙනස් කරමින් සිටින අවස්ථාවක කොරියානු රාජ්‍ය මෙරට පාසල් වලට තාක්ෂණ දැනුම ලබා දීම පිලිබදව තමන් ස්තුතිය පල කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

කොරියාවේ සෙමාල් පදනම, එහි ඩිජිටල් සෙමාල් වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලැබූ සබරගමුව පළාතේ සහ මධ්‍යම පළාතේ පාසල් 5ක සුහුරු පන්ති කාමර නිළ වශයෙන් ප්‍රදානය කිරීම අද (11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

ගම්පොළ සාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය,නාමිණීඔය මධ්‍ය මහා විද්‍යාලය,ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය, ගොඩකවෙල කුලරත්න විද්‍යාලය ,රන්වල මහා නාග විද්‍යාලය යන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහායි රුපියල් මිලියන 36.5ක් වටිනා උපකරණ පරිත්‍යාග කිරීමට මෙහිදී කටයුතු කළේ.

කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව ලබා දෙන සහය පිලිබදව රටක් ලෙස තමා ඉහළින්ම අගය කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08