හෝමාගම මත් සාදයේ දී ඇල්ලූ තරුණ තරුණියන් විසිහතෙන් පිරිසක් අධිකරණයට – හයක් රිමාන්ඩ්

හෝමාගම ප්‍රදේශයේ සුඛෝභෝගී නිවාස සංකීර්ණයක නිවසක් තුළ මත් සාදයක් පවත්වමින් සිටිය දී අත්අඩංගුවට ගැනුණු තරුණ තරුණියන් 27 දෙනාගෙන් පිරිසක් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයන් පස්දෙනෙකු සහ සාදයේ දී ගණිකා සේවය සැපයීමට පැමිණ සිටි තරුණියන් තිදෙනෙක්.

මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් සහ සැකකාරියන්ගෙන් හයදෙනෙක් ලබන 14 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසයි මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

අධිකරණය විසින් ඇප නියමකර ඇත්තේ හෑෂ් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි තරුණයින් දෙදෙනෙකුටයි.

මේ අතර ගණිකා සේවය සැපයීමට පැමිණ සිටි කාන්තාවන්ගේ සමාජ රෝග වාර්තාවක් ද ලබන 14 වනදාට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.

හෝමාගම ප්‍රදේශයේ සුඛෝභෝගි නිවාස සංකීර්ණය නිවසක් කුලී පදනම මත ලබාගෙන තරුණ තරුණියන් පිරිසක් පසුගිය 08 වනදා මත්ද්‍රව්‍ය සාදයක් පවත්වන බවට කහතුඩුව පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණා.

එහිදී පෞද්ගලික සරසවියක සිසු සිසුවියන් 17 ඇතුළු 27 දෙනෙක් පොලිසිය මගින් අත්අඩංගුවට ගත බවයි වාර්තා වුණේ.

අනතුරුව මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගත් තරුණයන් සහ ගණිකා සේවය සැපයීමට පැමිණ සිටි තරුණියන් හැර අනෙකුත් තරුණ තරුණියන් 19 දෙනා පොලිස් ඇප මත මුදාහැරීමට කටයුතු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12