කළු ගඟ මෝය ආසන්න වෙරළේ කාන්තා මළ සිරුරක් (වීඩියෝ)

කළුතර – කළු ගඟ මෝය ආසන්නයේ වෙරළ තීරයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (09) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

කළුතර දකුණ පොලිසිය සඳහන් කළේ වයස අවුරුදු තිස්පහක් පමණ වන කාන්තාවකගේ සිරුරක් මෙලෙස සොයාගත් බවයි.

මෙලෙස සොයාගත් කාන්තා මළ සිරුරේ අනන්‍යතාව තහවුරු වී නොමැති අතර, මෙම කාන්තා මළ සිරුර දින දෙකක් පමණ ජලයේ තිබෙන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෘත ශරීරය මේ වනවිට කළුතර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමුකර ඇති බවයි කළුතර දකුණ පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?