හංසිකාගේ ඝාතනයේ තොරතුරු රැසක් එළියට – තිබූ සම්බන්ධයෙක් ගැනත් අනාවරණයක් (වීඩියෝ)

ගෙළ කපා ඝාතනය කළ 17 හැවිරිදි තරුණියකගේ සිරුරක් ඇල්පිටිය, තලාව ප්‍රදේශයේ තේ වත්තක තිබී ඊයේ (09) පොලිසිය විසින් සොයා ගත්තා.

මෙලෙස සොයාගැනුනේ කරන්දෙණිය, තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි හංසිකා නදීෂානි නැමැති තරුණියකගේ මළ සිරුරක්.

මේ වනවිට සිදුකර ඇති විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ අදාළ තරුණිය සිය වැඩිමල් සහෝදරියගේ සැමියා සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති ඇති බවයි.

සහෝදරියගේ දරුවන් දෙදෙනා බලාගැනීම සඳහා ඇයගේ නිවසට ගොස් සිටිය දී මෙම සම්බන්ධතාව අරඹා ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

එම සම්බන්ධතාව හේතුකොටගෙන පසුගිය පෙබරවාරි 23 වනදා නිවසට පැමිණි තරුණියගේ මස්සිනා විසින් ඇයව පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත්තේ.

එහිදී එම තරුණිය මස්සිනා සමඟ දින කිහිපයක් එකට ජීවත් වී ඇති අතර, එහිදී ඇය තම මව්පියන්ට දුරකථන ඇමතුමක් ලබා දී පවසා ඇත්තේ බලහත්කාරයෙන් රඳවා තබා සිටින තමාව බේරාගන්නා ලෙසයි.

ඒ, අනුව ඇයගේ මව්පියන් විසින් එහි ගොස් ඇයව යළි නිවසට කැඳවාගෙන පැමිණ ඇති අතර, පසුව යළිත් වතාවක් හංසිකාගේ නිවසට පැමිණි මස්සිනා ඇයව යළිත් රැගෙන ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 05 වනදා ඇයගේ මව ගොස් යළි හංසිකාව නිවසට කැඳවාගෙන පැමිණ ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මේ අතර තුර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සිදුකර තිබූ පැමිණිල්ලකට අනුව එම පැමිණිල්ල විභාග කිරීම සඳහා පසුගිය 06 වනදා හංසිකා සිය මව සමඟ ත්‍රිරෝද රථයකින් පෙරේදා දිනයේ ඇල්පිටිය පොලීසිය වෙත ගොස් තිබෙනවා.

එලෙස පොලිසිය වෙත යන අතර මඟ තවත් දෙදෙනෙකු සමඟ පැමිණි හංසිකාගේ මස්සිනා ඇයව බලහත්කාරයෙන් වෙනත් ත්‍රිරෝද රථයකින් රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, සම්බන්ධයෙන් ද හංසිකාගේ දෙමව්පියන් විසින් පොලිසියට පැමිණිලිකර ඇති අතර, එම පැමිණිල්ල සිදුකර පැය 24ක් ගතවීමට පෙර හංසිකා ගෙළ කපා ඝාතනය කර තිබිය දී සොයා ගැනුණා.

මූලික පරීක්ෂණයේ දී අනාවරණ වී ඇත්තේ වෙනත් ස්ථානයක දී තියුණු ආයුධයකින් ගෙළ කපා ඝාතනය කර ඇයගේ සිරුර මෙලෙස තේ වත්තට ගෙනැවිත් දමා ඇති බවයි.

මේ අතර ඝාතනයට ලක් වූ හංසිකාගේ මස්සිනා ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර, ඔහු සොයා පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04