අයිතීන් ඉල්ලා කාන්තාවන් පාරට බහී (ඡායාරූප)

කාන්තා අයිතිවාසිකම් ලබාදෙන ලෙස බල කරමින් කාන්තාවන් පිරිසක් හැටන් නගර මධ්‍යයේ අද (08) දින උද්ඝෝෂණයක නිරත විය.

ජාත්‍යන්තර කාන්තා දිනය අද (08) දිනය යෙදීම නිමිත්තෙන් ප්‍රොටෙක් සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණි.

මෙම උද්ඝෝෂණයේදි අදහස් දැක්වු එම සංගමයේ සභාපතිනි කරුපයියා මයිදිලි කියා සිටියේ ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුවද මේ රටේ කාන්තාවට හිමි නිසි තැන ලැබි නොමැති බවයි.

සමාජිය, ආර්ථික වශයෙන් කාන්තාව පිඩාවට පත් වී ඇති බවත්, කාන්තාව විවිධ හිංසන පිඩාවන්වලට ලක් වන බවත් ඇය කියා සිටියා.

මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයට කාන්තාවන් වැඩි පිරිසක් දායකත්වය ලබාදීමට පියවර ගත යුතු බවයි ඇය සඳහන් කළේ.

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ හැටන් කාර්යාලය ඉදිරිපිට ද කාන්තාවන්ගේ අයිතිවාසිකම් පිලිබදව පාඨ සහිත පොස්ටර් කිහිපයක් ප්‍රදර්ශණය කර තිබුණා.

3 8
4 6 1
2 7 1
5 6 1
1 8 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?