උඩප්පුවේ පොලිස් ලොක්කා වැඩ තහනම් කර ඇප මත මුදාහරී (වීඩියෝ)

ගම්වාසීන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන හේතුවෙන් ඔහුගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමටද ඊයේ (06) පියවර ගැනුණා.

පසුගිය 05 වැනිදා රාත්‍රියේ සිදුව තිබූ මෙම පහරදීමත් සමඟ හටගත් නොසන්සුන්තාව පාලනය කිරීමට මුන්දලම පොලිසිය කැඳවීමටද පියවර ගනු ලැබුවා.

පුත්තලම උඩප්පුව ප්‍රදේශයේදී පෙරේදා රාත්‍රි 9.30ට පමණ ගැටුමක් හටගෙන තිබුණේ උඩප්පුව පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ සහ ප්‍රදේශවාසින් පිරිසක් අතරයි.

පහරදීම සිදුකරන අවස්ථාවේ නිලධාරියා ඉතා අශෝභන ලෙස හැසිරෙමින් රැස්ව සිටි ජනතාවට පරුෂ වචනයෙන් බැණවදින අයුරු පුද්ගලයෙකු විසින් වීඩියෝගත කර තිබුණා.

උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා පහරදීම සිදුකරන්නේ සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ඔහු පැමිණි මෝටර් රථයට ප්‍රදේශවාසීන් කෙළ ගැසූ බව පවසමින්.

පහරදීමෙන් තුවාල ලැබූ ප්‍රදේශවාසින් දෙදෙනෙකු උඩප්පුව ග්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයෙකු හලාවත මහ රෝහලට මාරුකර යවා තිබුණා.

සිද්ධියෙන් පසු තමාටද තුවාල සිදුවූ බව පවසමින් පොලිස් නිලධාරියාද ඊයේ (06) රාත්‍රියේ උඩප්පුව රෝහලට ඇතුලත් වී තිබුණු අතර, ඔහු ඊයේ රෝහලේදීම අත්අඩංගුවට ගෙන ඔහුගේ වැඩ තහනම් කිරීමට පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම, සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ සිටි සිවිල් පුද්ගලයින් දෙදෙනාද අත්අඩංගුවට ගැනුණා.

පොලිසිය පැවසුවේ, පහරදෙන අවස්ථාවේ උඩප්පුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා බීමත්ව සිටියේද යන්න තහවුරු කරගැනීමට රුධිර සාම්පල් ලබාගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුන්දලම පොලිසිය විසින් සිදු කරනු ලබන අතර, අත්අඩංගුවට ගත් පිරිස ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇප මත මුදාහැරීමටයි පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12