ලෝකයේම අවධානය යොමුවූ තෙවන විනිසුරුගේ තීරණය ගැන පැමිණිල්ලක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේදී තුන්වන විනිසුරුවරයාගේ දුර්වල තීරණය සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.

තරගයේ සිව්වන පන්දුවාරයේ ශ්‍රී ලංකා ක්‍රීඩක බිනුර යොමුකළ පන්දුව සෞම්‍ය ශංකර්ගේ පිත්තේ ගෑවී ගිය පන්දුව කඩුලු රකින කුසල් මෙන්ඩිස් රැකගත් අතර පිටියේ විනිසුරුවරයා එහිදී දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළා.

එහෙත් බංග්ලාදේශ ක්‍රීඩක සෞම්‍ය ශංකර් එය තුන්වන විනිසුරු වෙත යොමුකරන ලෙසට ඉල්ලා සිටි අතර එහිදී Ultra edge තාක්ෂණය පරීක්ෂා කිරීමේදී එය පිත්තේ ගෑවී යන බවට පෙන්නුම් කළා.

කෙසේ වෙතත් තුන්වන විනිසුරුවරයා විසින් තීරණය කළේ, එය පෙන්නුම් කරන අවස්ථාවේ පන්දුව සහ පිත්ත අතර පරතරයක් පවතින බැවින් බංග්ලාදේශ ක්‍රීඩකයා නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙසටයි.

එම දුර්වල තීරණයත් සමඟ පිටියේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර තුන්වන විනිසුරුවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ විනිසුරු වෙත කරුණු දක්වන අයුරු දැකගත හැකි වුණා.

කෙසේවෙතත් ප්‍රධාන විනිසුරුවරයා ලබාදුන් දැවීයාමේ තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කර සිටින්නේ, තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43