AFC Banner
Empty Ad
Empty Ad

ලෝකයේම අවධානය යොමුවූ තෙවන විනිසුරුගේ තීරණය ගැන පැමිණිල්ලක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේදී තුන්වන විනිසුරුවරයාගේ දුර්වල තීරණය සම්බන්ධයෙන් මේ වනවිට ලෝකයේම අවධානය යොමුවී තිබෙනවා.

තරගයේ සිව්වන පන්දුවාරයේ ශ්‍රී ලංකා ක්‍රීඩක බිනුර යොමුකළ පන්දුව සෞම්‍ය ශංකර්ගේ පිත්තේ ගෑවී ගිය පන්දුව කඩුලු රකින කුසල් මෙන්ඩිස් රැකගත් අතර පිටියේ විනිසුරුවරයා එහිදී දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම් කළා.

එහෙත් බංග්ලාදේශ ක්‍රීඩක සෞම්‍ය ශංකර් එය තුන්වන විනිසුරු වෙත යොමුකරන ලෙසට ඉල්ලා සිටි අතර එහිදී Ultra edge තාක්ෂණය පරීක්ෂා කිරීමේදී එය පිත්තේ ගෑවී යන බවට පෙන්නුම් කළා.

කෙසේ වෙතත් තුන්වන විනිසුරුවරයා විසින් තීරණය කළේ, එය පෙන්නුම් කරන අවස්ථාවේ පන්දුව සහ පිත්ත අතර පරතරයක් පවතින බැවින් බංග්ලාදේශ ක්‍රීඩකයා නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙසටයි.

එම දුර්වල තීරණයත් සමඟ පිටියේ යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර තුන්වන විනිසුරුවරයාගේ තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ විනිසුරු වෙත කරුණු දක්වන අයුරු දැකගත හැකි වුණා.

කෙසේවෙතත් ප්‍රධාන විනිසුරුවරයා ලබාදුන් දැවීයාමේ තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් සඳහන් කර සිටින්නේ, තරග තීරකවරයා හරහා අදාළ පැමිණිල්ල සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
4
+1
10
+1
0
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?