කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව භාරදෙයි (ඡායාරූප)

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයාට භාර දී තිබෙනවා.

සමඟි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් බද්දුම බණ්ඩාර, ලක්ෂ්මන් කිරිඇල්ල, ජී.එල්. පීරිස්, චන්දිම වීරක්කොඩි, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

මෙම විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 44 දෙනෙකු අත්සන් තබා ඇති බවයි වාර්තා වුණේ.

4
5