දින පහක් වයසැති බිළිඳෙකු මව්කිරි සිරවීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
බලංගොඩ මූලික රෝහලේ දී ඊයේ (04) සිදුකළ පශ්චාත්ම රණ පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
බලංගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි මවක් විසින් බිහිකළ බිළිඳෙක් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.
අදාළ මව විසින් නිවසේ දී දරුවාට මව්කිරි ලබාදුන් අවස්ථාවක මව්කිරි සිරවී දරුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
බලංගොඩ, පින්නවල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
1
+1
+1
+1
13
+1
+1














