කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකුට ජීවිතය එපා වෙයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු සිය නිවස තුළදි අද වස පානය කර මියගොස් සිටියදි අද (03) පෙරවරුවේ හමුව ඇතැයි ගාල්ල ‍පොලිසිය පවසයි.

මෙස් මියගොස් ඇත්තේ ගාල්ල බටගන්විල පදිංචිව සිටි කරාපිටිය රෝහලේ එක්ස් රේ අංශයේ සේවය කරන 37 හැවිරිදි වෛද්‍යවරයෙකි.

වෛද්‍යවරයා පමණක් නිවසේ සිටියදි මෙලෙස වස වර්ගයක් පානය කර මියගොස් සිටියදි බිරිඳ විසින් දැක ඒ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳ මරණ පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි අද පැවැත්විමට නියමිතව තිබින.

ගාල්ල පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු ලැබේ.