වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් රජයෙන් තේ පොහොර

රජයට අයත් පොහොර සමාගම් දෙක නිෂ්පාදනය කරන තත්ත්වයෙන් හා ගුණාත්මකභාවයෙන් ඉහළ තේ පොහොර වෙළෙඳපොලේ අලෙවි කරන මිලට වඩා අඩුවෙන් වගාකරුවන්ට ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

එමෙන්ම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය හෙට (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (01)දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

මේ දිනවල දිවයින පුරා උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් පවතිනවා. එය ජල උල්පත් සිදීයාමේ තත්ත්වයක් දක්වා බලපා තිබෙනවා. එම තත්ත්වය හමුවේ වගා කටයුතු සිදුකිරීමේ දී එක් දිනක් තුළ සම්පූර්ණ කුඹුරු යායම එකවර වගා කරන ලෙස ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම කෘෂිකර්මාන්තය සඳහා නවීන තාක්ෂණය හඳුන්වාදීමට අප බලාපොරොත්තු වනවා. ගොයම් සිටුවීම සඳහා “පැරෂුට්” වැනි ක්‍රම භාවිතා කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ගොවි සංවිධානවලට විශේෂ වගකීමක් තිබෙනවා. සීසෑමේ දී “තැටි නඟුල” සහ “මෝල් බෝඩ් නඟුල” භාවිත කරන ලෙස ඉල්ලා සිටිනවා. මේ වන විටත් සාර්ථක ලෙස ගොවිතැන් කටයුතු සිදුකරන ගොවි මහතුන් තම අස්වනු ඉලක්කයන් සපුරා ගැනීමට මෙම ක්‍රමය දැනට භාවිත කරන බව අවධාරණය කළ යුතුයි.

එමෙන්ම පවතින ජල ප්‍රමාණය අඩු වීම නිසා අතිරේක බෝග වගාව සඳහා වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. බඩ ඉරිඟු සහ මුං වැනි ධාන්‍ය වගාවට යොමු වන අය වෙනුවෙන් අප උපකාර කිරීමට සූදානමින් සිටිනවා.

තේ සඳහා යොදන පොහොර වර්ග වන T -200, T- 750, U -709, U 834 , T 65 වැනි පොහොර පසුගිය කාලයේ ඉතා අධික ලෙස මිල ඉහළ ගොස් තිබුණා. නමුත් එම මිල යම් ප්‍රමාණයකට අඩුකර ගැනීමට අපට හැකිවුණා. දැනට පවතින මිල තවත් අඩුකර ගැනීමට අප උත්සහ දරමින් සිටිනවා. එම නිසා රජයට අයත් සමාගම් දෙක වන කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම සියලුම තේ පොහොර නිෂ්පාදනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

තත්ත්වයෙන් උසස් ගුණාත්මක භාවයෙන් ඉහළම තේ පොහොර රජයට අයත් පොහොර සමාගම් දෙක මඟින් නිෂ්පාදනය කර තේ වගාකරුවන්ට ලබා දීම අපේ අරමුණයි. ඒ අනුව මෙම පොහොර වෙළඳ පොළේ අලෙවි කරන මිලට වඩා රුපියල් 2000ක් අඩුවෙන් අවම මිලක් යටතේ වගාකරුවන්ට ලබා දෙනවා. රජය ගෙන යන වැඩ පිළිවෙළට අනුව සහන මිලට පොහොර ලබා දීමෙන් තේ වගාවේ අස්වැන්න ඉහළ නැංවීමට මහත් රුකුළක් වනු ඇතැයි මම සිතනවා. ඒ වගේම නව වගා තාක්ෂණය තේ වගාවටත් හඳුන්වා දීමට අප බලාපොරොත්තු වනවා.

ඒ වගේම අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ මේ වනවිට ව්‍යාපෘති 59ක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන් ව්‍යාපෘති 55ක්ම ඉතා සාර්ථක බව කිව යුතුයි. ඔවුන් අක්කරයක වගාවකින් මාසයකට තේ දළු කිලෝග්‍රෑම් 1350ක් පමණ නෙළා ගන්නවා. මේ වසරේදී අප විසින් රුපියල් මිලියන 1000ක් පමණ මෙම ව්‍යාපෘතිය සඳහා යෙදවීමට අපේක්ෂා කරනවා.

කෘෂිකර්මාන්තය නැංවීමට මෙවැනි ක්‍රියාමාර්ග ගැනීමට හැකි වුයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දූරදර්ශි දැක්ම නිසා බවත් කිව යුතුයි. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශයට එක් නොකළා නම් කිසිසේත්ම මෙම වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න ලැබෙන්නේ නැහැ. එබැවින් එම නිවැරදි පියවර ගැනීම සම්බන්ධව ජනාධිපතිතුමාට ස්තූති කළ යුතුයි.

ඒ වගේම ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) 37 වන ආසියා පැසිෆික් සමුළුවට සමගාමීව පැවැත්වෙන “Agri tech-24 කෘෂි තාක්ෂණ දැක්ම” ප්‍රදර්ශනය හෙට (02) දින හම්බන්තොට බටඅත පිහිටි කෘෂි තාක්ෂණික උද්‍යානයේදී ආරම්භ කෙරෙනවා. එය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ මාර්තු මස 02,03,04,05 යන දිනවල පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35