මිලාන් – 2024 නාවික අභ්‍යාසයෙන් පසු සයුරළ නෞකාව දිවයිනට (ඡායාරූප)

පසු ගිය පෙබරවාරි 19 වන දා සිට 27 වන දින දක්වා ඉන්දියාවේ විසාකාපට්නම් වරාය හා බෙංගාල බොක්ක ආශ්‍රිත නැගෙනහිර ඉන්දීය මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් පැවති මිලාන් – 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයෙන් පසුව, සයුරළ නෞකාව ඊයේ (29) දින ත්‍රිකුණාමලය වරායෙන් දිවයිනට ලඟා වී තිබුණා.

මිලාන් – 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයේ, වරාය අධියර පැවතෙන අතරතුර එහිදී පාර්ශ්වකරුවන් අතර සහයෝගීත්වය හා මිත්‍රත්වය තවදුරටත් වර්ධනය කිරීම උදෙසා සංවිධානය කර තිබූ විවිධ වැඩසටහන් සඳහා සයුරළ නෞකාවේ නැව් සමුළුව සහභාගී වුණා.

එමෙන්ම, අභ්‍යාසය සඳහා සහභාගී වූ පාර්ශ්වයන්ගේ සංස්කෘතීන් විදහා දක්වමින් සංවිධානය කර තිබූ ජාත්‍යන්තර නගර පෙළපාළිය සහ ආහාර ප්‍රදර්ශන සඳහා ප්‍රදර්ශන කුටියක් ඉදිරිපත් කිරීමට ද සයුරළ නෞකාවේ නැව් මුළුව විසින් කටයුතු කෙරුණා.

මිලාන් – 2024 බහුපාර්ශික නාවික අභ්‍යාසයේ මුහුදු අධියර, 2024 පෙබරවාරි මස 24 වන දින සිට 27 වන දින දක්වා නැගෙනහිර ඉන්දීය මුහුදු තීරයේ දී පැවැත්වුණු අතර, ඒ සඳහා සයුරළ නෞකාව ඇතුළුව නෞකා 34 ක්, ගුවන් යානා සහ එක් සබ්මැරීනයක් එක්ව තිබුණා.

නාවික හමුදාවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා සමුද්‍රීය සහයෝගිතාවය වර්ධනය කිරීම මෙන්ම දැනුම ‍හුවමාරු කර ගැනීම අරමුණු කර ගනිමින්, සංකිර්ණ නාවික අභ්‍යාසයන්ගෙන් මෙම අධියර සමන්විත වුණා.

ඒ අනුව, මුහුදු අධියරෙහි දී නෞකා සංග්‍රාමික පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, වෙඩි තැබීමේ අභ්‍යාස, දියයට සංග්‍රාමික අභ්‍යාස, හෙලිකොප්ටර් යානා නෞකා මතට ගොඩබැස්සවීම ඇතුළු අභ්‍යාසයන් සිදුකෙරුණා.

WhatsApp Image 2024 03 01 at 09.39.51 1
WhatsApp Image 2024 03 01 at 09.39.54 1
WhatsApp Image 2024 03 01 at 09.39.59
WhatsApp Image 2024 03 01 at 09.39.45 1
WhatsApp Image 2024 03 01 at 09.39.44 1 1
WhatsApp Image 2024 03 01 at 09.39.44 2
WhatsApp Image 2024 03 01 at 09.39.43 1
WhatsApp Image 2024 03 01 at 09.39.42 1 1
WhatsApp Image 2024 03 01 at 09.39.37
WhatsApp Image 2024 03 01 at 09.39.38 1 1
WhatsApp Image 2024 03 01 at 09.39.38 2
WhatsApp Image 2024 03 01 at 09.39.41 2
WhatsApp Image 2024 03 01 at 09.39.32 1 1
WhatsApp Image 2024 03 01 at 09.39.42 2
WhatsApp Image 2024 03 01 at 09.39.39 1
WhatsApp Image 2024 03 01 at 09.39.30 1
WhatsApp Image 2024 03 01 at 09.39.34 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03