පැතුම්ට ක්‍රිකට් ආයතනයෙන් ලොකු මුදල් ත්‍යාගයක්

පැතුම් නිශ්ශංකට රුපියල් මිලියන ගණනක මුදල් ත්‍යාගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.

එක්දින ජාත්‍යන්තර තරයකදී ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු ශ්‍රී ලංකා පිතිකරු ලෙස ඔහු පසුගියදා ඉතිහාසයට එක්වුණා.

ඒ අනුව, පෙරේදා පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක සභා රැස්වීමේදී පැතුම් නිශ්ශංකට දිරි දීමනාවක් ලෙස විශාල මුදල් ත්‍යාගයක් ලබා දිය යුතු බවට යෝජනාවක් සම්මත වී තිබෙනවා.

එම තෑගි මුදල කොපමණද යන්න නුදුරේදීම ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වනවා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය බලා සිටියදීම ශ්‍රී ලංකාවේ වැඩිම එක්දින ලකුණු රැස්කළ පිතිකරුගේ වාර්තාව ද බිඳ හෙළීමට පැතුම් නිශ්ශංක සමත් වුණා.

ජාතික කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් දිරිමත් කිරීමේ අරමුණින් හා නැඟී එන ක්‍රීඩකයන්ට ආදර්ශයක් ලබා දීම වෙනුවෙන් මේ දිරි දීමනා ප්‍රදානය සිදු කිරීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන්නේ.

මේ අතර, එළඹෙන බංග්ලාදේශය සමඟ තරග සංචාරයේදී පැතුම් නිශ්ශංක විවේක ගැන්වීමටත්, ඔහු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දක්වා ආරක්ෂා කර ගැනීමත් ක්‍රිකට් කළමනාකාරිත්වයේ අදහස වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49