රාජ්‍ය ආයතනවල දුරකථනවලින් 49%ක් අක්‍රීයයි – සමීක්ෂණයකින් හෙළිවෙයි

මෙරට රාජ්‍ය ආයතනවල මහජන සේවා සඳහා හඳුන්වා දී ඇති දුරකථන සියයට 71ක් ම නිසිපරිදි ක්‍රියාත්මක නොවන බව සිදුකළ සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

මෙම සමීක්ෂණය සිසුකර ඇත්තේ පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් නුයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛේන අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාල මෙම සමීක්ෂණය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්,

“ජනතාවට සේවා සැපයීම සඳහා රාජ්‍ය ආයතන මඟින් හඳුන්වා දී ඇති දුරකථනවලින් නියමිත පරිදි සේවා සපයනු ලබන්නේ 29%ක් පමණක් බව අප කළ සමීක්ෂණයෙන් හෙළිවුණා. මෙරට එක් දිස්ත්‍රික්කයකින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් හා තෝරාගත් පළාත් පාලන හා රාජ්‍ය ආයතන කේන්ද්‍ර කර ගනිමින් අප මෙම සමීක්ෂණය කළා.මේ ආයතනවල දුරකථන වලින් 49%ක් පමණ කිසිසේත්ම වැඩ කරන්නේ නෑ. තවත් සියයට 22ක් වැඩ කළත් කිසිම නිලධාරියෙක් ඊට පිළිතුරු දෙන්නේ නෑ. සියයට 29ක් පමණයි පිළිතුරු දුන්නේ. මේක ඉතාමත්ම පහළ අගයක්.
ලංකාවේ ප්‍රාදේශීය සභා 276න් 98ක් අපි අධ්‍යයනය කළා.එයින් සියයට 14 ක් දුරකථන වැඩ කරන්නේ නෑ. 42% ක් කිසිම පිළිතුරක් දෙන්නේ නෑ. 45% ක් පමණ පිළිතුරු දුන්නා. ඒ වගේම මහ නගර සභා 24න් 23ක් අපේ අධ්‍යයනයට ලක් කළා. ඉන් දුරකථන 04%ක් වැඩ නෑ. 43 %ක් පිළිතුරු නෑ. නගර සභා 41න් 36 කම 14%ක් දුරකථන වැඩ කරන්නේ නැහැ. 44% ක් පිළිතුරු නැහැ මේක තමයි තත්ත්වය.
ඇතැම් රාජ්‍ය ආයතනවලින් පිළිතුරු දුන්නත් ඒ පිළිතුරු දුන් ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වන්න බෑ. අවශ්‍ය තොරතුරැ ලබාදීමක් හෝ අවශ්‍ය තැනට යොමුකිරීමක් වෙන්නේ නෑ. ජනතාවට යහපත් රාජ්‍ය සේවයක් සැපයීම සඳහා දුරකථන අංක හඳුන්වා දුන්න ද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ නෑ ජනතා බදු මුදලින් නඩත්තු වන මේ රාජ්‍ය ආයතන ජනතාවට සම්බන්ධ කරගැනීමට දුරකථන අංක හඳුන්වා දී තිබුණත් ඉන්
ප්‍රයෝජනයක් ලැබෙන්නේ නෑ. මෙරට රාජ්‍ය තාන්ත්‍රය තුළ කාර්යක්ෂම භාවය ඉහළ නැංවීමට නම් මේ මහජන සේවා දුරකථන අංක නිසි පරිදි ක්‍රියාත්මක විය යුතුයි.රජයේ වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. එසේ නැත්නම් මේ රාජ්‍ය සේවය කිසිසේත්ම ජනතාවට සමීප වෙන්නේ නෑ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34