ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සමාව අයදීයි

අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපළේ සිදු වූ ප්‍රමාදයන් සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය විශේෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව එම සමාගම සඳහන් කළේ ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් ක්‍රියාත්මක කරනු ලබන පිරික්සුම් කවුන්ටරවල (Check-in counter) සිදුවු ප්‍රමාදයන් තාවකාලික, සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයන් නිසා සිදු වූවක් බවයි.

මෙය කිසිඳු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිදුවූවක් නොවන බවයි ශ්‍රීලංකන් ගුවන් සමාගම දන්වා සිටින්නේ.

මේ වනවිට ඇතුල්වීමේ කවුන්ටර මෙහෙයුම් (Check-in counter operations) සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර, මෙම මෙහෙයුම් ප්‍රමාදයන් නිසා අපහසුතාවයට පත් වූ සිය ගුවන් මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම සමාව අයැද සිටිනවා.

මේ අතර අද (25) උදෑසන දසත නිව්ස් වෙත වාර්තා වුණේ ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය සිය රාජකාරී කටයුතු කිහිපයකින් ඉවත් වී ඇති බවයි.

ඒ හේතුවෙන් අද (25) උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් ගමන් වාර 04ක් ප්‍රමාද වී ඇති බව ද වාර්තා වුණා.

කෙසේ වෙතත් මේ වනවිට එම වැඩ වර්ජන ක්‍රියාමාර්ගය අවසන් කිරීමට එම සේවකයින් කටයුතු කර තිබෙනවා.

ශ්‍රීලංකන් ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාවයන්ට කඩිනමින් විසඳුම් ඉල්ලා ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය මෙම වැඩවර්ජනය ආරම්භකර තිබුණා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න සඳහන් කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් විසින් සේවකයින්ට පරුෂ වචනයෙන් පවා බැන වැදීම් සිදුකරනු ලබන බවයි.

අද උදෑසන ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට මෙම තත්ත්වයන් ද හේතු වූ බවයි සභාපතිවරයා සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33