දුම්රිය හරස් මාර්ගයේ සිදු වූ අනතුරින් නාවික සෙබළා මරුදකී

රත්ගම – විජයරත්න මාවත දුම්රිය හරස් මාර්ගයේ දී යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් ඊයේ (24) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බද්දේගම ප්‍රදේශයේ පදිංචි බූස්ස, පිටිවැල්ල නාවික හමුදා කඳවුරේ සේවය කරමින් සිටි නාවික සෙබළෙක්.

කොළඹ සිට ගාල්ල දක්වා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

රාජකාරිය නිම කර නිවස බලා යමින් සිටිය දී නාවික හමුදා සෙබළා මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

රත්ගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්න අතර, මෘත දේහය කරාපිටිය රෝහල වෙත යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42