AFC Banner
Empty Ad
AFC Banner

දිවයින පුරා සිටි තවත් අපරාධකරුවන් 697ක් පොලිස් දැලේ

ගතවු පැය 24 තුළ දිවයින පුරා යුක්ති මෙහෙයුම්වලින් අපරාධකරුවන් 697ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 559ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 138ක් ඊට අයත්.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 559 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 06ක්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද එක් සැකකරුවෙක් සහ රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන පුද්ගලයින් 03ක් සිටී.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 138 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 12ක්, මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 106ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 15ක් හා ඇඟිලි සළකුණු ඔස්සේ අනාවරණය වී ඇති සැකකරුවන් 05ක් සිටින බව සඳහන්.

දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වල දී හෙරොයින් ග්‍රෑම් 170 මිලිග්‍රෑම් 224ක්, අයිස් ග්‍රෑම් 113 මිලිග්‍රෑම් 351ක්, ගංජා ග්‍රෑම් 814 මිලිග්‍රෑම් 21ක්, මාවා ග්‍රෑම් 55, තූල් ග්‍රෑම් 65ක්, මදන මෝදක ග්‍රෑම් 432ක්, ඈෂ් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 522ක්, මත්පෙති 137ක් සහ ගංජා පැළ 26,186ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔබේ ජීවිතය දෛරයෙන් ඉදිරියට යන්න උත්සහ කරන්න
05:17
Video thumbnail
එදා ඉඳන් මිනිස්සු එක්ක හිටගත් කවුද මේ මංජු
33:55
Video thumbnail
මාධ්‍යවේදීන් එළියට දාපු හරිනිට සැර පිළිතුරු / හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට
05:04
Video thumbnail
ජනපති අනුරටත් සද්දේ දාන ඉඩම් මංකොල්ලයේ මහ මොළ හිමි - Dasatha Search Light
07:39
Video thumbnail
සති 4ක් ගියේ නෑ - කියපු බොරු එළිවෙන්න පටන් ගත්තා / මිනිස්සුන්ට දැන් තමයි තේරිලා තියෙන්නේ
08:14
Video thumbnail
මනූෂ සැරවෙයි - හරිනිටත් දෙසයි / 88 - 89 තුවක්කු සංස්කෘතිය නිසා මන්ත්‍රීවරුන්ට ආරක්ෂා ඕනි වුණේ
02:26
Video thumbnail
ජනපති අනුර දැන් නිහඬයි - මේ ආණ්ඩුව අසාර්ථකයි
01:26
Video thumbnail
දවල් හීන දකින තිස්ස - මාලිමාවට ඡන්දෙ දුන්නු අය දැන් සජබෙට
02:00
Video thumbnail
තෙල්වලින් රුපියල් 50ක් යන්නේ කොහෙටද කියලා අපි දන්නේ නෑ - තෙල් ලොක්කෝ කියයි
21:00
Video thumbnail
දිලිත් ජයවීර රත්නපුර දෙවනක් කරයි - රාජ්‍ය සේවකයන්ගේ ඡන්දේ මේ ගමන පදක්කමට #dilithjayaweera
04:02

?