විදුලිබල මාධ්‍ය ප්‍රකාශකගේ, ප්‍රකාශය ගැන විනය පියවර ගන්න උපදෙස්

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වතු ජනතාව සහ එම දරුවන් පාඩම් කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවක දී කර ඇතැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් සොයාබලා විනය පියවර ගැනීමට උපදෙස් දී ඇතැයි, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

වතු කම්කරුනායකයන් සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධිය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයන්ට රජය කිසිදු හානියක් හෝ අපහාසයක් නොකරන බව ද, ඔහු අවධාරණය කළා.

එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව මත විනය පියවර ගන්නා බව, කියා සිටි අග්‍රාමාත්‍යවරයා. මෙම ප්‍රශ්නය මතුකිරීම ගැන විපක්ෂ නායකවරයාටද ස්තුතී කර සිටියා.

බිල ගෙවාගත නොහැකිව විදුලිය විසන්ධි කර ඇති අවස්ථාවක, දරුවන්ට පාඩම් කිරීම සඳහා යාබද නිවසකින් විදුලිය ලබාදීමට යාමේ දී පියා මියයාම පිළිබඳ ප්‍රකාශයක් කරමින්, විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා, දරුවන්ට කුප්පි ලාම්පුවෙන් පාඩම් කළ හැකි බවටත්, වතුකරයේ පියවරුන් සවස බීමත් වන බවත්, කියා ඇති බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ,

” I will give a reply. ගරු කතානායකතුමනි, විරුද්ධ පක්ෂයේ නායකතුමා නඟන මේ ප්‍රශ්නයට අපි මේ වන විටත් ඒ නිලධාරියා කර තිබෙන ප්‍රකාශයේ සත්‍ය හා අසත්‍යතාවය මත අවශ්‍ය විනය පියවර ගැනීමට උපදෙස් දීලා තියෙනවා. මම ස්තූතිවන්ත වෙනවා විපක්ෂ නායකතුමාටත් මේක නැගීම ගැන. ඒවාගේම, රාධක්‍රි‍ෂ්ණන් වතු කම්කරු නායකතුමා මෙතන ඉන්නවා, ගරු මන්ත්‍රීතුමා. ඔබතුමාලා, තොණ්ඩමන් මහත්තයාලා ඉන්නවා., අපි සියලු දෙනා වතු කම්කරු ජනතාවගේ අභිවෘද්ධය පිණිස ගන්නා වූ ක්‍රියාමාර්ගයට රජය කිසිම හානියක් හෝ අපහාසයක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12