මෙරටින් පිටුවහල් කිරීමට එරෙහිව බ්‍රිතාන්‍ය කතකගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලය පැවති සමයේ මෙරට රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක වන කෙලිග් ෆ්‍රේසර් නමැත්තියගේ වීසා අවලංගු කොට ඇයට රටින් පිටවිය යුතු යැයි ආගමන හා විගමන පාලකවරයා විසින් නිකුත් කරනු ලැබූ නියෝගයක් බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම කාන්තාව සිය නීතිඥවරු මාර්ගයෙන් ගොනු කළ අභියාචනා පෙත්සමක් නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇය විසින් රුපියල් 250000/- ක නඩු ගාස්තුවක් ගෙවිය යුතු බවත් නියෝග කළා.

මහින්ද සමයවර්ධන, ශිරාන් ගුණරත්න යන විනිසුරුවරුන්ගේ එකඟත්වය සහිතව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගාමිණී අමරසේකර විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබූවා.

නේවාසික වීසා මත මෙරට රැඳී සිටි තමන්ට නිකුත් කර තිබූ වීසා බලපත්‍ර අවලංගු කළ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් 2022 වසරේ අගෝස්තු මස 15 වනදාට පෙර රටින් පිටවන ලෙස තමාට නියෝග කළ බව පෙත්සම්කාරිය අධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමේ සඳහන් කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාරිය විසින් ආගමන හා විගමන පාලකවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳව සලකා බැලීමක් සිදුකළ අභියාචනාධිකරණය එය නිෂ්ප්‍රභ කළ බවත් ඇය කියා සිටියා.

ඉන් අනතුරුව අභියාචනාධිකරණයේ එම නියෝගය නීතියට පටහැනි බවත් එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇය සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කළා.

එම අභියාචනා පෙත්සම් විභාගයේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා විසින් මූලික විරෝධතා මතු කරමින් අදාල අභියාචනා පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

මෙම පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් පෙත්සම්කාරිය සාවද්‍ය කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය විසින් ඉදිරිපත් කර තිබෙන දිවුරුම් පෙත්සම නීතියට අනුකූලව ඉදිරිපත් කර නොමැති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය මතු කළ මූලික විරෝධතා වලින් කරුණු දක්වා තිබුණා.

එම මූලික විරෝධතා පිළිබඳ දීර්ඝ විභාගයක් සිදු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒවා පිළිගනිමින් අදාළ අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළා.

ඉන් අනතුරුව පෙත්සම්කාරිය විසින් රුපියල් 250000 ක නඩු ගාස්තුවක් ගෙවිය යුතු බවත් නඩු තීන්දුවේ සඳහන් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
2
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59
Video thumbnail
ඩෙංගු රෝගය ගැන දැනගත යුතුම කරුණු මෙන්න - කම්පන තත්ත්වයට යන්න පුළුවන්
14:59
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් කටාර් තානාපති කාර්යාලයට ගිය නි.ඇමති
01:56
Video thumbnail
මීගමු බන්ධනාගාර භූමියෙන් උණ්ඩ කොපු 271ක් හමුවෙයි..පසුදා වනතුරු බලය තිබුණේ රැඳවියන් සතුව - CID
05:33
Video thumbnail
කඩුවෙල බස්නැවතුම්පළ ඉදිරිපිට කාණුවේ මදුරු කීටයෝ පිරිලා - අවුරුදු ගාණක් තිස්සේ වතුර බහින්නේ නෑ
02:03
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:14
Video thumbnail
ගොබ්බයෝ පුළුවන් නම් වරෙල්ලා - අපි අභියෝග කරනවා
02:40