AFC Banner
Empty Ad
Empty Ad

විදුලි සැර වැදී තරුණයෙකු ජිවිතක්ෂයට

විදුලි සැර වැදිමෙන් වයස අවුරුදු 19ක තරුණයෙකු මියගොස් ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසනවා.

ඊයේ (20) සවස ගලෙන්බිදුණුවැව, හුරුළු කැටුකැලීයාව ප්‍රදේශයේ තරුණයකු නිවසේ තම කාමරයක් තුළ විදුලි පෙනුවක් අලුත්වැඩියා කිරිමට ගිය අවස්ථාවේ විදුලි සැර වැදී සිටිය දී නිවැසියන් දැක යකල්ල, හුරුළුවැව ප්‍රාදේශීය රෝහලට ගෙන යාමට කටයුතු කර තිබුණා.

නමුත් ඒ වන විටත් විදුලි සැර වැදුණු තරුණයා මියගොස් සිට ඇති බව ගලෙන්බිදුණුවැව පොලිසිය පවසනවා.

දහවල් කාලයේ මෙම ප්‍රදේශයට පැය කිහිපයක් විදුලි විසන්දී වී තිබු බවත් විදුලි විසන්දී වී තිබු කාලය අතරතුර දී මිය ගිය තරුණයා විදුලි පේනුවක් අලුත්වැඩියා කිරිමට උත්සහ කරමින් සිට ඇති අතර ඒ විනවිට විදුලිය පැමිණ ඇතැයි නිවැසියන් කියා සිටියා.

මේ වන විට මියගිය පුද්ගලයාගේ දේහය යකල්ල, හුරුළුවැව රොහල් මෘත ශල්‍යාගාරායේ තැම්පත් කර ඇති අතර අද (21) දහවල් ඥාතින් වෙත බාරදීමට නියමිතව ඇති බව සඳහන්.

සිද්ධියට අධාලව ගලෙන්බිදුණුවැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වන ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
0
+1
13
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?