ශ්‍රී ලංකා සුපිරි පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්තානයට දරුණු පරාජයක්

ඇෆ්ගනිස්තානය සමග පැවති දෙවන විස්සයි විස්ස තරගය ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද (19) රාත්‍රියේ සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ ලකුණු 72කින්.

ඇෆ්ගනිස්තාන ආරාධනයෙන් පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර විස්ස තුළ කඩුලු 06ක් දැවී ලකුණු 186ක් ලකුණු පුවරුවට එක් කළා.

එහිදී මැදපෙළ පිතිකරුවන් වූ ඇන්ජලෝ මැතිව්ස් සහ සධීර සමරවික්‍රමගේ සුපිරි සම්බන්ධතාව ශ්‍රී ලංකා ඉනිම ලකුණු 186 සීමාව දක්වා ඔසවා තබන්නට දායක වුණා.

මෙහිදී ඇන්ජලෝ මැතිව්ස් පන්දු 22ක් තුළ ලකුණු 42ක් රැස් කළ අතර,සධීර අද සිය පළමු විස්සයි විස්ස අර්ධ ශතකය රැස් කළා.

වනිදු හසරංග පන්දු 09ක් තුළ වේගවත් ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මොහොමඩ් නබී සහ අස්මතුල්ලාහ් ඔමර්සායි කඩුලු 02 බැගින් බිද දැමුවා.

අනතුරුව ලකුණු 187ක ඉලක්කය හඹායාමට ඇෆ්ගනිස්තාන ආරම්භක පිතිකරුවන් යුගලය පිටියට පිවිසි අතර, ආරම්භක පිතිකරු හස්රතුල්ලහ් සසායි පළමු පන්දුවාරයේ දීම ක්‍රීඩාගාරය වෙත හරවා යවන්නට ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කළා.

අනතුරුව ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඉතිරි මුල්පෙළ පිතිකරුවන්ට පිටියේ ස්ථාවර වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩලබා දුන්නේ නැහැ.

ඒ අනුව ඇෆ්ගනිස්තාන ඉනිමේ මුල්පෙළ කඩුලු 05 ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.

පන්දු යැවීමේ දී ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 02ක්, මතීෂ පතිරණ කඩුලු 02 සහ බිනුර ප්‍රනාන්දු කඩුලු 02ක් බිද දැමුවා.

මේ අතර මෙම තරගයේ දී විස්සයි විස්ස කඩුලු 100 වාර්තා කරන්නට ශ්‍රී ලංකා නායක වනිදු හසරංගට හැකියාව හිමිවීම ද විශේෂත්වයක්.

වනිදු මෙම තරගයේ දී බිද දැමූ කඩුලු සංඛ්‍යාව 02ක්.

ඒ අනුව ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිම පන්දුවාර 17 ක් තුළ සියල්ලන් දැවී ලකුණු 115කට සීමා වුණා.

ඇෆ්ගනිස්තාන පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කරිම් ජනට් ලකුණු 28ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම තරගයෙන් ලකුණු 72ක ජයක් හිමි වූ අතර මෙම ජයත් සමග තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකාව ජයගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
9
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?