AFC Banner
Empty Ad
Empty Ad

1, 5, 6 ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් කිරීමක් නැහැ

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදුකරනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් කරනවා.

පාසල්වල 06 වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම 05 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු මත පමණක් සිදුකරනු ලබන බවයි එම අමාත්‍යාංශ පවසන්නේ.

2024 වර්ෂයේ 1, 5 සහ 6 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි පන්ති සඳහා අ.පො.ස. උසස් පෙළ ද ඇතුළුව, සිසුන් ඇතුළත් කිරීමට ද අදාළ අයදුම්පත් පාසල් වෙත යොමු කළ යුතු අතර, එම පාසල්වල පුරප්පාඩු පවතී නම් විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ ප‍්‍රකාරව සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් සිසුන්ගේ නාම ලේඛනය අනුමැතිය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට යොමු කරනු ඇති.

එමෙන්ම පාසල් සඳහා සිසුන් ඇතුළත් කිරීමේ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරනු නොලබන බව ද වැඩිදුරටත් දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?