රතුඑළි දල්වා ඇති සෞඛ්‍ය වෘත්තීය සමිති සහ ඇමති අතර තීරණාත්මක සාකච්ඡාව අද

සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අතර විශේෂ සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය සේවකයින්ගේ දීමනා සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන අතර, මෙහිදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යළිත් එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවා තිබෙනවා.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාවලියක නිරත වූ අතර එය අවසන් වරට පසුගිය 13 සහ 14 වනදා ක්‍රියාත්මක වුණා.

සිය ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමේ එකඟතාව මත එම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටු වූ අතර, එම සාකච්ඡා අද (19) පෙරවරු 11.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12