රතුඑළි දල්වා ඇති සෞඛ්‍ය වෘත්තීය සමිති සහ ඇමති අතර තීරණාත්මක සාකච්ඡාව අද

සෞඛ්‍ය වෘත්තීය සමිති සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ අතර විශේෂ සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතයි.

සෞඛ්‍ය සේවකයින්ගේ දීමනා සම්බන්ධයෙන් මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වෙන අතර, මෙහිදී යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් වෘත්තිය ක්‍රියාමාර්ගයකට යළිත් එළඹෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවා තිබෙනවා.

වෛද්‍යවරුන් සඳහා අනුමත කළ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඒකාබද්ධව දීප ව්‍යාප්ත වැඩවර්ජන ක්‍රියාවලියක නිරත වූ අතර එය අවසන් වරට පසුගිය 13 සහ 14 වනදා ක්‍රියාත්මක වුණා.

සිය ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමේ එකඟතාව මත එම වැඩවර්ජනය තාවකාලිකව අත්හිටු වූ අතර, එම සාකච්ඡා අද (19) පෙරවරු 11.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?