දෙවන සහ අවසන් විස්සයි විස්සේ ප්‍රවේශ පත්‍ර සියල්ල විකිණී අවසන්

ඇෆ්ගනිස්ථානට සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ තුන්වන විස්සයි විස්ස තරගවල ප්‍රවේශ පත්‍ර සියල්ල මේ වනවිට අලෙවි වී අවසන් බව වාර්තා වනවා.

මේ හේතුවෙන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා කවුන්ටර වෙත නොපැමිණෙන ලෙසයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙන්නේ.

දෙරට අතර දෙවන විස්සයි විස්ස තරගය හෙට (19) පැවැත්වෙන අතර තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය පැවැත්වෙන්නේ ලබන 21 වනදායි.

මේ අතර දෙරට අතර ඊයේ (17) පැවැති පළමු විස්ස්යයි විස්ස තරගය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන් 18,000කට වැඩි පිරිසක් පැමිණ සිටි බව සඳහන්.

මෙම විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන්නේ නවීකරණය කළ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රත්නපුරත් ගංවතුරෙන් යටවෙයි - මිනිස්සු අමාරුවේ වැටෙයි
01:47
Video thumbnail
"උලපනේ කන්දක් නායයෑමේ අවදානමක්." හැමෝම දැනුවත් කරන්.. දැනටමත් ගල් ගලවගෙන එනවා..
00:43
Video thumbnail
ඇමති හොරකම් කරගත්ත සල්ලි ටික මේ ආණ්ඩුව මිනිස්සුන්ගෙන් ගන්නවා
14:26
Video thumbnail
අයහපත් කාලගුණය නිසා නුවරඑළියේ පාසල්වලට නිවාඩු
01:13
Video thumbnail
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
01:18
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29