22 හැවිරිදි තරුණයෙක් කුලී කාමරයක් තුළ විදුලි සැර වැදී ජීවිතක්ෂයට

කොට්ටාව, රුක්මල්ගම – පාසල් මාවතේ කාමරයක කුලී පදනම මත රැඳී සිටි තරුණයෙක් විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම තරුණයාට ඊයේ (17) රාත්‍රියේ විදුලි සැර වැදීමෙන් මෙලෙස ජීවිතක්ෂය පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මීට මාස තුනකට පෙර විවාහ වී ඇති මෙම තරුණයා සිය බිරිඳ සමඟ දින තුනකට පෙර රුක්මල්ගම – පාසල් මාවතේ නිවසක කාමරයක් කුලී පදනම මත රැගෙන එහි රැඳී සිට තිබෙනවා.

මෙම තරුණයා අක්‍රීයව තිබූ නිවසේ විදුලි පංකාව අලුත්වැඩියා කිරීමට ඊයේ රාත්‍රියේ කටයුතු කර ඇති අවස්ථාවේ දී මෙලෙස විදුලි සැර වැදී ඇති ඇති බව සඳහන්.

පසුව අවට ප්‍රදේශවසින් ඔහුව හෝමාගම මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර, ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

අක්‍රීය වූ ටිප් ස්වීචයක් සහිත විදුලි සැපයුමකින් අනාරක්ෂිත ලෙස විදුලිය ගැනීම නිසා මෙසේ විදුලි සැර වැදී ඇති බවයි ස්ථානීය පරීක්ෂණයේ දී අනාවරණය වී ඇත්තේ.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේ දී අද (18) සිදුකිරීමට නියමිතයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේ කවිෂ්ක විජයතුංග නැමැති 22 හැවිරිදි තරුණයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
26
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32