පොලිස් උපාය දූතිකාවටත් ජැක් ගහපු ජැක්සන් අත්අඩංගුවට

බස්රථ තුළ දී කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන ලිංගික හිරිහැර සිදුකිරීම සම්බන්ධයෙන් මේ දිනවල පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරනවා.

පොලිසිය මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නේ බස් රථවලට පොලිස් උපාය දූතයින් සහ උපාය දූතිකාවන් යොදවමින්.

මෙලෙස යොදවා තිබූ පොලිස් උපාය දූතිකාවකට බස් රථයක් තුළ දී ලිංගික හිරිහැර සිදුකළ පුද්ගලයෙක් පසුගිය දා නුවරඑළිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක්.

මෙම පුද්ගලයා පුද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ලෙස සේවය කරන අයෙක්වන අතර, නුවරඑළිය සිට වැලිමඩ දක්වා ධාවනය වූ බස් රථයක් තුළ දී සැකකරු විසින් පොලිස් උපාය දූතිකාවට මෙලෙස ලිංගික හිරිහැර සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරු නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 22 වනදා දකවා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි වාර්තා වුණේ.

පොදු ප්‍රවාහන සේවාවල දී ළමයින්ට හා කාන්තාවන්ට විවිධ ලිංගික හිංසනයන් සිදුවන බවට ලැබෙන පැමිණිලි සැලකිල්ලට ගනිමින් පොලිසිය විසින් මෙම මෙහෙයුම් පසුගිය දා ආරම්භ කළා.

දිවයින පුරා තවදුරටත් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දෙයියනේ මොකද්ද මේ එකපාරටම වෙන්නේ
01:22
Video thumbnail
ගමකට කඩා පැන්න වන අලි රංචුවක් කරලා ගිය විනාශය
01:00
Video thumbnail
උදෙන්ම 20 දෙනෙකු රෝහලට යැවූ බිහිසුණු බස් අනතුර
01:15
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34