කඩුවෙල උසාවියේ නොසන්සුන් තත්ත්වයක්

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළ දී බන්ධනාගාර රැඳවියන් පිරිසක් අතර අද (16) දහවල් ගුටි බැට හුවමාරුවක් සිදුව තිබෙනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා බන්ධනාගාරයේ සිට රැගෙනවිත් අධිකරණ සිර මැදිරියේ රඳවා සිටි රැඳවියන් පිරිසක් අතර මෙම ගුටි බැට හුවමාරුව සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ.

ගැටුම සමතයකට පත් කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම ගැටුම සිදුවන අවස්ථාවේ දී රැඳවියන් 150කට අධික පිරිසක් එම සිරමැදිරිය තුළ සිට ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?