කෙහෙළිය හොඳින් නම් උසාවි ගේන්න කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් මාර්තු මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ මෙම නඩුව කැඳ වූ අවස්ථාවේ දී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකාර රඹුක්වැල්ල වෙනත් නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු මේ වන විට බන්දනාගාර රෝහලේ පසුවන බවයි.

ඒ, අනුව විත්තිකරු අධිකරණයේ නොමැතිවීම නිසා මෙම නඩුවට අදාළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම මාර්තු මස 07 වනදා දක්වා කල් දැමූ අධිකරණය එදින විත්තිකාර රඹුක්කැල්ල අධිකරණයට පැමිණිය හැකි යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන්නේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

2006 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිලවන රුපියල් දෙලක්ෂ තිස්දහසක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම් කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57
Video thumbnail
අහක බලාගෙන ඉන්න එපා - මුජිබුර් ඇමති එක්ක ගේම ඉල්ලයි
04:04
Video thumbnail
අම්මෝ හිරුණිකා ජනපතිට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
17:48