කෙහෙළිය හොඳින් නම් උසාවි ගේන්න කොළඹ මහාධිකරණයෙන් නියෝගයක්

හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් මාර්තු මස 07 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ මෙම නඩුව කැඳ වූ අවස්ථාවේ දී විත්තිකාර කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

ඔහුගේ නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්නේ විත්තිකාර රඹුක්වැල්ල වෙනත් නඩුවකට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් ඔහු මේ වන විට බන්දනාගාර රෝහලේ පසුවන බවයි.

ඒ, අනුව විත්තිකරු අධිකරණයේ නොමැතිවීම නිසා මෙම නඩුවට අදාළ මූලික විරෝධතා පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම මාර්තු මස 07 වනදා දක්වා කල් දැමූ අධිකරණය එදින විත්තිකාර රඹුක්කැල්ල අධිකරණයට පැමිණිය හැකි යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් පසුවන්නේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසත් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

2006 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටිය දී විෂය භාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පෞද්ගලික ජංගම දුරකථනයේ බිලවන රුපියල් දෙලක්ෂ තිස්දහසක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල්වලින් ගෙවීම් කිරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද යන අයට එරෙහිව එම නඩුව ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?