වට්ස්ඇප් එකේ අන්තවාදය පැතිරූ තවත් පිරිසකටත් වැඩ වරදී

සහරාන් තවත් පුද්ගලයින් පිරිසක් සමඟ ප්‍රතිඥාවක් ලබාදෙන වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරි පුද්ගලයා අත්අඩංගුවට පත් වු බව පොලිසිය පවසයි. එම පුද්ගලයාද ඇතුළුව අන්තවාදය පැතිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

අන්තවාදය වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ පැතිර වූ බවට පුද්ගලයින් දෙදෙනෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වැල්ලම්පිටිය සහ තිහාරිය යන ප්‍රදේශවල පදංචිකරුවන් දෙදෙනෙක්. තිහාරිය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලයා සියොන් දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය දියත් කළ මොහොමඩ් අසාද් සමග සමීප සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

පාස්කු ප්‍රහාරයට පෙර දින මරාගෙන මැරෙන බෝම්බකරුවන් දිවුරුම් දෙන වීඩියෝව රූගත කර ඇත්තේද තිහාරිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා බවද හෙළිවී තිබෙනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේදී ඉදිරිපත් වූ සාක්ෂි අනුව සැක පළවුණේප්‍රහාරයට පෙර දින කොළඹ සිට ඉස්ලාමීය අන්තවාදී ධජය ඇතුළු තාක්ෂණික උපකරණ සයින්දමරුදු ආරක්ෂක නිවස්නය වෙත ගෙන ගොස් තිබුණේ මෙම පුද්ගලයා බවටයි. මේ අතර අන්තවාදී දේශන පැවැත්වීම සඳහා සහරාන් හෂීම්ට පහසුකම් සැපයූ බව පැවසෙන පුද්ගලයින් දෙදෙනෙකුද මුතූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර මෙවර පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පොලීසිය ක්‍රියාත්මක කරන ආරක්ෂක වැඩපිළිවලට සහයෝගය දක්වන ලෙස යුද හමුදා මූලස්ථානය සියළු ආරක්ෂක සේනා ආඥාපතිවරුන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව තම බල ප්‍රදේශවල ආරක්ෂාව පිළිබඳව අධ්‍යයනයක් සිදු කර පොලීසිය සමඟ ඒකාබද්ධව කටයුතු කරන ලෙස ඔවුන්ට දැනුම් දී ඇති බවයි යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බිග්‍රේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ. ඒ අනුව අවශ්‍යතාවය පිළිබඳව විග්‍රහයක් කර ඒ ඒ ප්‍රදේශ වල පිහිටි කතෝලික දේවස්ථාන, ඇතුළු ස්ථාන වෙත ආරක්ෂාව සැපයෙනු ඇති.

මෙවර පාස්කු ඉරිදා යෙදී ඇත්තේ ලබන 4 වැනිදාටයි.  



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06