බිරිඳ සැමියා ලවා පැරණි පෙම්වතාගේ කකුල් දෙකම කඩලා

කාන්තාවක් තම සැමියා ලවා පැරණි පෙම්වතාව නිරුවත් කර කකුල් දෙකම කඩාදමා ඇති පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දොඩංදුව ප්‍රදේශයේ තරුණියක් හික්කඩුව, කලුපෙ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සමඟ මීට වසර 10කට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් එම සම්බන්ධය කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව නතර කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව තරුණිය වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වී ඇති අතර, එහෙත් පැරණි පෙම්වතා ඇයට නිතර නිතර දුරකථනයෙන් ඇමතුම් ලබාගැනීමට හුරු වී සිටි බවයි වාර්තා වුණේ.

මෙලෙස ඇමතුම් ලබාගැනීම ඇතැම් අවස්ථාවල දී ඇයට කරදරයක් ද වී තිබෙනවා.

කෙසේ වෙතත් බිරිඳට මෙලෙස නිතර නිතර ඇමතුම් ලබාගන්නා පැරණි පෙම්වතාව බිරිඳ ලවා දඩල්ල මුහුදු වෙරළට කැඳවා ගැනීමටයි සැමියා කටයුතු කර ඇත්තේ.

පසුගිය දා එලෙස පැමිණි පැරණි පෙම්වතාට සැමියා විසින් බිරිඳ ඉදිරියේ දීම යකඩ පොල්ලකින් පහර දී ඔහුව නිරුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරව සැමියා තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් නැඟී පළාගොස් ඇති අතර, බිරිඳ බසයකට නැඟී එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර තුර මුහුදු වෙරළට පැමිණි අයෙක් විසින් නිරුවතින් මුහුදු වෙරළේ වැටී සිටි මෙම පුද්ගලයා දැක ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

පහරදීමෙන් අදාළ පුද්ගලයාගේ කකුල් දෙකම කැඩී ඇති බවයි වාර්තා වුණේ.

පහරදීම සිදුකළ සැකකරු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (14) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි රෙඩී - 200න් 200ම ගන්නවා
02:22
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57