එක්සත් ජනපදයේ කැන්සාස් හි වෙඩි තැබීමක් (ඡායාරූප)

ඇමරිකා එක්සත් ජනපදයේ කැන්සාස් නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් 21 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සූපර් බෝල් තරගාවලියක ජයග්‍රාහී පෙළපාලියක් අතර තුර මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි.

තුවාල ලැබූවන් අතර ළමුන් නවදෙනෙකු සිටින බවයි ප්‍රාදේශීය රෝහලක් තහවුරු කර ඇත්තේ.

මෙම වෙඩි තැබීමට සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළා.

ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගේ අනන්‍යතාවයන් සහ වෙඩි තැබීමට හේතුව තවමත් අනවරණට කර නැහැ.

මේ අතර කැන්සාස් නගරයේ පොලිසියේ ප්‍රධානී ස්ටේසි ග්‍රේව්ස් පැවසුවේ වෙඩි තැබීම් සිදු වූ වහාම නිලධාරීන් ඊට ප්‍රතිචාර දැක්වූ බවත්, එම ස්ථානයේ සිටි රහස් පරීක්ෂකයින් වහාම පරීක්ෂණය ආරම්භ කළ බවයි.

වෙඩි තැබීමෙන් පසු ඇති වූ හදිසි තෙරපීම හේතුවෙන් තුවාල ලැබූවන ද තුවාලකරුවන් අතර සිටින බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?