ඇෆ්ගනිස්තානය සමග පැවති අවසන් එක්දින තරගයෙන් කඩුලු 07ක දැවැන්ත ජයග්‍රහණයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා.
මෙම ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග තුනට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව ජය ගත්තා.
මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 48යි පන්දු 02ක් තුළ සියල්ලන් දැවී ලකුණු 266ක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
එහිදී රශ්මිත් ෂා ලකුණු 65ක් සහ අස්මතුල්ලාහ් ඔමර්සායි ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී ප්‍රමෝද් මධුශාන් කඩුලු 03ක් බිද දැමුවා.
අනතුරුව ලකුණු 267ක ඉලක්ලයක් හඹාගිය ශ්‍රී ලංකවට සාර්ථක ආරම්භයක් ලබාදීමට පැතුම් සහ අවිශ්කට හැකියාව ලැබුණා.
එහිදී මෑතක දී පිය පදවිය ලැබූ අවිශ්ක ප්‍රනාන්දු වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 66ක් තුළ ලකුණු 91ක් රැස්කළා.
අනෙක් අනතයේ සිට ඉතා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ පැතුම් නිස්සංක අද දිනයේ සිය පස්වන ශතකය වාර්තා කරමින් ලකුණු 118ක් පන්දු 101ක් තුළ රැස් කිරීමට සමත් වුණා.
නායක කුසල් මෙන්ඩිස් ලකුණු 40ක් රැස් කළේ හයේ පහර 04ක් සමගින්.
පන්දුවාර 35පන්දු 02ක් අවසානයේ ශ්‍රී ලංකාව එම ඉලක්කය පසුකර යමින් තරගය ජය ගත්තා.