ඇෆ්ගනිස්ථානයෙන් ශ්‍රී ලංකාවට 267 ක ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට අද (14) ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පල්ලෙකැලේ තණතීරුවේ පන්දුවට පහරදීමටයි.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දු 48.2 අවසානයේදී සියල්ලන් දැවී  ලකුණු 266ක් ලබා ගත්තා

ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් රහ්මානුල්ලා ගුර්බාස් 48 ක් රැස් කර ගත් අතර රහමත් ෂා 65 රැස් කළා.අස්මතුල්ලා මිර්සා 54ක් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 2ක් ලබාගත්තා.දුනිත් වෙල්ලාලගේ කඩුලු 2යි.



අපගේ නවතම වීඩියෝ පුවත්