එකම පවුලේ 9කට කොරෝනා

බගවන්තලාව, තොණ්ඩමන්පුර නිවාස සංකිර්ණයේ එකම පවුලක 9 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇති බව තහවුරු වී තිබෙනවා.

එම පවුලේ ගෘහමුලිකයාට හදිසියේ ඇතිවු හෘද්‍යාබාධයක් හේතුවෙන් දික්ඔය මුලික රෝහල වෙත ඇතුළත් කිරීමට පෙර සිදුකළ පරික්ෂාවෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට තහවුරු වී තිබෙනවා.

පසුව ඔහුගේ පවුලේ සෙසු සාමාජිකයින් 8 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර සිටියදි සිදුකරන ලද PCR පරික්ෂණයෙන් ඔවුන් සියලුදෙනාට කොවිඩ් ආසාදනය වි ඇති බවට තහවුරු වූ බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?