පරිසර නීති උල්ලංඝනය කළ පරිසර ඇමැතිට නොතීසි (වීඩියෝ)

දෙස් විදෙස් පරිසරවේදීන්ගේ හා පුරවැසියන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව, සිංහරාජ වන රක්ෂිතය ඔස්සේ ඉදිකළ මාර්ගය ඇතුළු ඉදිකිරීම් අභියෝගයට ලක්කරමින් ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (12)දින තීන්දු කළා.

ඒ අනුව පරිසර ඇමැති, මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය නියෝග කරනු ලැබුවා.

පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පරිසරවේදී හේමන්ත විතානගේ විසින් ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර ඇමතිවරයා, වනජීවී හා වන සංරක්ෂණ ඇමැතිවරයා, වාරිමාර්ග ඇමැතිවරයා සහ නීතිපතිවරයා ලෙස නම් කර තිබෙනවා.

දැනට ඉදිකිරීම් සිදු කොට ඇති ලංකාගම මාර්ගය හැරුණු විට සිංහරාජ වනාන්තරය තුළ හෙක්ටයාර පහක භූමි ප්‍රදේශයක් ආවරණය වන පරිදි ජලාශයක් ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති බව ද යෝජිත ව්‍යාපෘතිය මඟින් ගිං ගඟ සහ නිල්වලා ගඟේ ජලය ගිරුවාපත්තුව දක්වා ගෙනයෑමටමට සැලසුම් කර ඇති බව ද පෙත්සම්කරුවන් පෙන්වා දී තිබුණා.

එසේම පවතින පරිසර නීති උල්ලංඝනය කරමින් මඩුගැටේ සහ කොටපොල ජලාශ ඉදිකිරීම ද මාදුගෙට සිට කොටපොල දක්වා උමං මාර්ග දෙකක් සහ අම්පනාගල සහ නෙළුව – ලංකාගම මාර්ගය සහ ලංකාගම – දෙණියාය මාර්ගයේ උමං මාර්ග දෙකක් ඉදිකිරීමට ද රජය සැලසුම්කර ඇති බව පෙත්සම්කරුවන් පවසනවා.

එසේම සිංහරාජ රක්ෂිතය සහ ස්වාරක්ෂක කලාපය හරහා නෙළුව සිට දෙනියාය දක්වා, 2020 අගෝස්තු මාසයේ ඉදිකළ අඩි 8ක් පළල කිලෝමීටර් 18ක බොරළු මාර්ගය අඩි 15ක් දක්වා පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව ද පෙත්සමේ සඳහන්.

මෙම සියලු ඉදිකිරීම් සහ සැලසුම් සිංහරාජයේ ජෛව විවිධත්වයට අහිතකර ලෙස බලපාන බව ද මෙරට දැනට පවත්නා පරිසර නීති උල්ලංඝනය කරන බව ද පෙත්සම්කරුවන් අවධාරණය කරනවා.

පරිසර ඇමැතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගඋත්තරකාර පාර්ශ්ව විසින් මෙම පෙත්සම පවත්වාගෙන යෑමේ හැකියාව අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබූ මූලික විරෝධතා අධිකරණය නිශ්‍ප්‍රභා කළා.

ඒ අනුවයි වගඋත්තකරුවන්ට නොතීසි නිකුත් කෙරුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18