නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 06කට වැඩ වරදී (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කල්මු‍නේ තුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකින් වලංගු බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් හය දෙනෙකු සමඟ මුහුදු කූඩැල්ලන් 774 දෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අද(12) අළුයම කල්මු‍නේ තුඩුව නාවික අනුඛණ්ඩය මඟින්, කල්මු‍නේ තුඩුව මුහුදු ප්‍රදේශයේ කුඩා යාත්‍රා යොදවා සිදුකල සෝදිසි මෙහෙයුමේදීයි.

මෙම මෙ‍හෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් අවුරුදු 27 ත් 49 ත් අතර වයසේ පසුවන යාපනය ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ගෙන තිබෙනවා.

එම සැකකරුවන් හය දෙනා කිමිදුම් උපකරණ, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාර දීමට නාවික හමුදා නිළධාරීන් කටයුතු කර තිබුණා.

image
image 1
image 1
image 2